Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි වර්ගයක් අලෙවි කළ සැකකරුවෙකු හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය සිදුකළ ඊයේ රාත්‍රියේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධීව ආනයනය කළ මෙම දුම්වැටි තොගය අලෙවි කිරීමට තිබියදී සොයාගනු ලැබුවේ හැටන් නගරයේ – ඩම්බාර් වීථියේ වෙළඳසැලක තිබියදියි.
අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.