Gossips

මධ්‍යම කඳුකරයට අධික මීදුමක්

පවතින වැසි සහිත කළගුණ තත්ත්වය සමග මධ්‍යම කදුකරයට පවතින අධික මීදුම් තත්ත්වය නිසා බොහෝ මාර්ගවල රථවාහන ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.
මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන දැඩි අවධානයෙන් රිය පදවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ.
එමෙන්ම නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අසලින් අද අලූයම නෝටන්බ්‍රිජ් – හැටන් ප්‍රධාන මාර්ගයට විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවී තිබුණා.
කෙසේ වෙතත් පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් මේ වනවිට ගස කපා ඉවත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.