Gossips

නිරිතදිග මෝසම සක්‍රියවීම සහ අඩු පීඩන කලාපය නිසා තවදුරටත් තද වැසි පැවතිය හැකියි

නිරිතදිග මෝසම සක්‍රියවීමත් සමඟ බෙංගාල බොක්ක අවට පවතින අඩු පීඩන කලාපයේ බලපෑම මත අයහපත් කාලගුණයෙන් සිදුවන බලපෑම තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි පැය 24 තුළත් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට අධික වැසි බලාරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අයහපත් කාලගුණයත් සමඟ මතුවිය හැකි ආපදා තත්තවය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනකරණ මධ්‍යස්ථානය අධික වැසි පවතින ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.