නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයෙන් සිදුවන පරිසර හානිය පිළිබදව සොයා බැලීම සදහා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ඊයේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
ඊට පරිසරවේදීන් පිරිසක් ද එක්ව සිටි අතර, එහිදී අදහස් දැක්වූ නොරොච්චෝලේ ප්‍රදේශවාසීන් කියා සිටියේ වාරකන් සමය ආරම්භවීමත් සමඟ හමා යන සුළෙඟන් බලාගාරය තුළ ගොඩගසා ඇති ගල් අගුරුවල කුඩු සහ දැනට දහනය කර ඉවත දමා ඇති ගල් අඟුරු අළු තම නිවෙස්වලට පැමිණෙන බවයි.
ජනතාව ගන්නා තීරණයකට තමන්ද ඔවුන්ගේ මහජන නියෝජිතයා ලෙස සහය පළ කරන බව පසුව ප්‍රදේශවාසීන් ඇමතූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කියා සිටියා.
මේ අතර බලාගාරයේ ගල් අඟුරු දහනය වීමෙන් පිටවන ආම්ලික වායු නිසා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක් සිදුවන්නේද යන්න පිළිබඳව සෙවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.