Gossips

හිටපු ජනපති රජයෙන් ප්‍රකාශයක් අපේක්ෂාවෙන්

මරණ බයෙන් තොරව ජීවත් වීමට නිදහස ලබාදුන් රණවිරුවන් ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
ඒ රණවිරු සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්.
මේ අතර, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ජාත්‍යන්තරයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ මව්බිම වෙනුවෙන් දිවි පිදූ සියලූ රණවිරුවන් සිහිපත් කරමින් පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ පැවති උත්සවයකට එක්වෙමින්.