Gossips

ජාතික රණවිරු සැමරුම ඇරඹේ

ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල – පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
ඊට කතානායකවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලූ ආරාධිතයන් මෙන්ම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්ව සිටිනවා.
ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියෙන් පසු ජාතික ගීය ගායනා කෙරුණු අතර, අනතුරුවයි උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ වුණේ.