Gossips

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් සිදුව ඇති වගා හානි සහ නිවාස හානි ඇතුළු සියලූ කරුණු සම්බන්ධයෙන් මාර්තු මස 27 වනදාට පෙර අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද රජයට නියම කළා.
ඒ මෙම නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් ගැටලූ රැසක් උද්ගතව ඇති බවට පවසමින් බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් 4 දෙනෙකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනුකර තිබුණා.