Gossips

විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් 50ක් ප්‍රදානය කෙරේ

යුද, නාවික සහ ගුවන් හමුදාවට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉටුකළ සුවිශේෂී සේවයට උපහාර වශයෙන් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කිරීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ සිදුකෙරුණා.
වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ඨ සේවා ඉතිහාසයක් ඇති නිලධාරීන් 50 දෙනෙකු වෙත මෙම පදක්කම් පුදකරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව දිවි පිදූ රණවිරුවන්ට ගෞරවය පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවකින් පසුව අදාළ පදක්කම් ප්‍රදානය සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
පළමුව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිට මෙම විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කර තිබෙනවා.
මේ අතර, ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා.
ඊට සමගාමීව පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයකම අද පස්වරු දෙකේ සිට රාත්‍රි 7 දක්වා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි.