Gossips

සංගක්කාර නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අර්බුදයක්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතාප යෝධයෙකු වන එම්.ඒ.කේ.පතෝඩි හෙවත් ටයිගර් පතෝඩි අනුස්මරණ වාර්ෂික දේශනය පැවැත්වීම කුමාර් සංගක්කාර විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අර්බුදයක් පැන නැගී තිබෙනවා.
එංගලන්ත – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට ඇති නිසා එම දේශනය පැවැත්වීමට නොහැකි බව සංගක්කාර දන්වා තිබුණා.
ඒ වෙනුවට දැන් දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර ඇත්තේ හිටපු එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන්ටයි.
එංගලන්ත පිලෙන් අසාමාන්‍ය ලෙස ඉවත්වීමට සිදුවූ පීටර්සන්ට දේශනය පැවරීම ගැන පාලක මණ්ඩලයේ ලේකම්වරයා සිය නොසතුට පළ කර තිබෙනවා.
මීට පෙර ටයිගර් පතෝඩි දේශනය පවත්වනු ලැබූවේ සුනිල් ගවස්කාර්, අනිල් කුම්බ්ලේ, වී.වී.එස්. ලක්ෂ්මන්, රාහුල් ඩ‍්‍රාවිඩ් සහ ෆාරුක් ඉංජිනියර් විසින්.
සංගක්කාරට ඒ සඳහා ආරාධනා කර තිබුණේ ටයිගර් පතෝඩි දේශනය පවත්වන ඉන්දියානුවෙකු නොවන පළමු වැන්නා ලෙසයි.