Gossips

යළි බස් වර්ජනයකට සූදානමක්

පොරොන්දු වූ පරිදි සියයට 12 යි දශම 5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට රජය කටයුතු නොකළහොත් ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සරත් විජිත කුමාර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිනොවුනහොත් වර්ජනය දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි.