Gossips

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය දකුණු කොරියාවට

උතුරු කොරියානු නායක කිම් ජොන් අංගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළලේ සමාරම්භක අවස්ථාවට සහභාගි වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
පස මිතුරන් සේ සැලකෙන දකුණු කොරියාව සහ උතුරු කොරියාව මෙම උත්සවයේදී එකම ධජයක් යටතේ පෙනී සිටීමට නියමිතයි.
මෙමගින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා යළි තහවුරු කර ගැනීමට අවස්ථාව උදාවී ඇති බවයි දේශපාලන විචාරකයින් මත පළ කර ඇත්තේ.
ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.
කිම් යෝ ජොන්ග් උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජෝන්ග් ඉල්ගේ වැඩිමහල් දියණියයි.
කෙසේවෙතත් ඇය මෙම උත්සවයට සහභාගී වීම තුලින් උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල පිළිබඳ සතුටුදායක තත්වයක් නොමැති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
අමරිකානු බලධාරීන් සැක පළ කරන්නේ උතුරු කොරියාව තරගාවලියට සහභාගී වීමේ අරමුණ ඔවුන්ගේ ප්‍රචාරන කටයුත්තක් බවයි.
තම රට පිළිබඳ තවදුරටත් ලෝකයේ අවධානය යොමු කර ගැනීම ඔවුන්ගේ සැලසුම බව ඔවුන් පෙන්වා දෙනවා.
උප ජනාධිපතිවරයා දකුණු කොරියාවට යැවීම තුලින් එහි තොරතුරු ලබා ගැනීමක් විය හැකි බවයි අමරිකානු බලධාරීන් පෙන්වාදී ඇත්තේ.