Gossips

සැමියාට පෙර ඉස්සරවූ බිරිඳ, සැමියාගේ ජීවිතය උදුරා ගනී (ඡායාරූප)

බිරිඳ විසින් සිය සැමියාට ඇසිඩ් ගසා ඔහුගේ ගෙල පිහියෙන් කොටා ඝාතනය කළ පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (18) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර පොලිසිය පවසන්නේ කාලයක සිට පැවති පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා 37 හැවිරිදි අයෙක් බව සඳහන්.
මෙම අඹු සැමියන්ට වයස අවුරුදු තුනක දරුවෙකු ද සිටින බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
සැමියා විසින් සිද්ධිය සිදුවූ එම දිනයේ දී බිරිඳ සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදී බිරිඳ ඝතනය කරන බවසා ඇසිඩ් බෝතලයක් ද ගෙනවිත් නිවසේ සඟවා තිබෙනවා.
කෙසේ වෙතත් සැමියා විසින් සඟවන ලද ඇසිඩ් බෝතලය බිරිඳ දැක ඇති අතර ඇය විසින් නිවසේ මුළුතැන්ගේ සිටි ස්වාමියාගේ ශරීරයට ඇසිඩ් ගසා ඔහුගේ ගෙල ප්‍රදේශයට පිහි පහරවල් කිහිපයක් එල්ලකර ඇති බව සඳහන්.
බිරිඳගේ ප්‍රහාරයෙන් බරපතල තත්වය පත් වූ සැමියා රෝහල් ගත කිරිමට රැගෙන යන අතර තුර මරණයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර අරණායක දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර අරණායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබන බව සඳහන්.
අපරාධය සිදුකළ 33 හැවිරිදි කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඡායාරූප – අරණායක, ප්‍රදීප් කුමාර