Gossips

කලිසම් සාක්කුවෙන් මතුවූ කෝටි ගණනක් වටින දේ

කලිසම් සාක්කුවෙන් මතුවූ කෝටි ගණනක් වටින දේ """
දෙකෝටි හැට ලක්ෂයක රන් බිස්කට් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
රන් බිස්කට් 40ක් සමඟ කටුනායක ගුවන් තොටුපළේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය සඳහන් කළේ ඒවායේ වටිනාකම රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වන බවයි.
අද පෙරවරු 8.45ට ඉන්දියාවේ චෙන්නායි සිට ගුවන් මගින් පැමිණි මොහු 54 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්.
සිය කලිසම් සාක්කුවේ සහ මුදල් පසුම්බියේ සඟවා කිලෝග්‍රෑම් 4ක් පමණ බරැති මෙම රන් බිස්කට් රැගෙන විත් ඇති බවයි ගුවන් තොටුපළ රේගුව වැඩිදුරටත් සඳහන් කළේ.