Gossips

ගාසා තීරයට, යුද අපරාධ පරීක්ෂණ කණ්ඩායමක්

ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් පලස්තීනුවන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දහස් ගණනක් තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා යුද අපරාධ පරීක්ෂණ කණ්ඩායමක් ගාසා තීරයට යැවීමට ජගත් මානව හිමිකම් මණ්ඩලය ඊයේ තීරණය කළා.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයන් 47 දෙනෙකු අතුරින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව පමණයි.
රටවල් 29ක් ඊට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය ඇතුළු රටවල් 14ක් ඡුන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.