Gossips

සිවිල් ආරක්ෂකයෙකුගේ ගිනි අවිය පත්තු වී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට

හොරොව්පතාන – වාගොල්ලාකඩ පොලිස් මුරපළකදී සිවිල් ආරක්ෂක බලකා භටයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහු අත තිබූ ගිනි අවිය ඊයේ (18) මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී මෙලෙස අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඇති බවයි.
වෙඩි වැදී බරපතල තුවාල ලැබූ අදාළ පොලිස් කොස්තාපල්වරයා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ වයස අවුරුදු 32ක් වන හොරොව්පතාන – ඉහළ දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක්.