Gossips

පොහොරත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ලකුණු

රජය මගින් සහනාධාර යටතේ ලබාදෙන පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ පිළිබදව ලබන 21 වන දා දැනුම් දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ ගොවීන් විසින් නිපදවන ආහාර භෝගවලින් සියයට 30ත්, 35ත් අතර ප්‍රමාණයක් වන සතුන් විසින් විනාශ කර දමන බවට වාර්තා වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඒ, කුරුණෑගල – පොතුහැර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පරිඝනක පුහුණු ඒකකය ඊයේ පස්වරුවේ විවෘත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.