Gossips

මහ දවාලේ සිදුකළ රන් මුදු කොල්ලය CCTV කැමරාවේ සටහන් වෙයි

නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකින් රන් මුදුවක් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එම සොරකම සිදුකරන ආකාරය වෙළඳසැලේ සවිකර ඇති CCTV කැමරාවල පටිගත වී ඇති අතර ඒ ඔස්සේ පොලිසිය පරීක්ෂණ සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සොරකම් කර ඇති මුදුවේ වටිනාකම රුපියල් හය ලක්ෂ පනස් දහසක් පමණ වන බව සඳහන්.
ඊයේ (17) උදැසන 10.30 පමණ එම වෙළදසැලට පැමිණි සැකකරු රන් මුදු කිහිපයක් මිලදි ගැනිමට අවශ්‍ය බව පැවසිමත් සමග අලෙවි කිරිමට තිබු අලුතින් ගෙනා වටිනා රන් මුදු කිහිපයක් ගැනුම්කරුට සේවකයන් විසින් පෙන්වා තිබෙනවා.
එහිදි එම සැකකරු කාන්තා රන් මුද්දක්ද මිල දි ගැනිමට අවශ්‍ය බව වෙළදසැලේ සේවකයාට දැනුම් දිමෙන් පසු එම අවස්ථාවේ කාන්තා රන් මුදු
නොතිබීම හේතුවෙන් ඔහුට අයත් එම ස්වර්ණාභරණ අලෙවි සැලට යාබදවම පිහිට අනෙත් ස්වර්ණාභරණ වෙළදසැලෙන් කාන්තා රන් මුදු කිහිපයක් ගෙනවිත් පෙන්වා ඇතැයි සඳහන්.
එහිදි ඔහු විසින් කාන්තා මුද්දක් තෝරාගෙන එය මිලදි ගැනිමට තම බිරිඳ සමග පැමිණෙන බව පවසා වෙළදසැලෙන් පිටව ගොස් තිබෙනවා.
සැකකරුට පෙන්වු ස්වර්ණාභරණ සියල්ලම ආපසු වෙලදසැලේ සේවකයන් විසින් රැගෙන ආපසු ආරක්ෂිතව තබා ඇති අතර පසුව වෙළදසැලේ හිමිකරු වෙළදසැලට පැමිණ අලුතින් වෙළදසැලට ගෙනා රන් මුදුව පිලිබඳ සේවකයින්ගෙන් විමසු අවස්ථාවේදීයි එම රන් මුදුව නොමැති බවට තහවුරු වී ඇත්තේ.
පසුව වෙළදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පරික්ෂා කිරිමේදි එම සැකකරු ඉතා සුක්ෂම ලෙස රන් මුදුව සොරා ගෙන ඔහුගේ
ඔහුගේ කලිසම් සාක්කුවේ දමා ගන්නා අකාරට පටිගත වී තිබෙනවා.
වෙළදසැලේ රැදි සිටි සැකකරු විනාඩි 20 තුල රුපියල් හය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් මුදුව සොරාගෙන ගොස් ඇති බවයි වෙළදසැලේ හිමිකරු කියා සිටියේ.