Gossips

ළමයින්ට සිදුවන හිරිහැර තුරන් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

පාසල් සහ ළමා නිවාස ආශ්‍රීතව ළමයින්ට සිදුවන කායික දණ්ඩනය තුරන් කිරිම සදහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේ්ෂ වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා.
එහි මූලික අදියර ලෙස කායික දණ්ඩනය හරහා ළමයින්ට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව විදුහල්පතිවරුන් ඇතුලූ ගුරුවරුන් දැනුම්වත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පාසල් තුළ සිදුවන ළමා හිංසනයන් පිළිබඳව තොරතුරු රැසක් වාර්තාවී ඇති බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළා.
ඒ අනුව මෙම විශේෂ වැඩපිළිවෙල ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතවද ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.