Gossips

නව නිලධාරීන් ගැන ඇමති දුමින්ද කියයි

පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණේ ජයග්‍රහණ සඳහා කටයුතු කළ පිරිසක් නිදහස් පක්ෂ වත්මන් නිලධාරී මණ්ඩලයේ සිටින බැවින් වෙනත් තාවකාලිව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට සිදුවන බව එම පක්ෂ මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තඹුත්තේගම ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින්.
මේ අතර, වත්තල – හුණුපිටිය ප්‍රදේශයේ පොහොර සමාගමක නිරීක්ෂණය සඳහා එක්වූ සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
එහිදී ඔහු කියා සිටියේ රණවිරුවන් සෑම අවස්ථාවකදීම සමරන බවයි.