Gossips

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට අනතුරු අඟවමින් සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ හිස ගසා දමන හැටි ISIS ප්‍රසිද්ධ කරයි

ISIS ත්‍රස්ත සංවිධානය විසින් ලෝව සුපිරිම පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනා වන ආර්ජන්ටිනාවේ ලියෝනල් මෙසිගේ සහ පෘතුගාලයේ ක්‍රික්ස්ටියානෝ රොනාල්ඩෝගේ හිස ගසා දමන බවට තර්ජනය කරමින් ප්‍රචාරයක් දියත් කර තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට විරෝධය පල කරමින් ඔවුන් මේ තර්ජන සිදු කරමින් පවසන්නේ ක්‍රීඩාංගන ලෙයින් තෙත් කරන බවයි.
ISIS ත්‍රස්තයන් පවසන්නේ 2018 ලෝක කුසලානය තමන්ගේ බවයි.
මෙසිගේ සහ රොනල්ඩෝගේ හිස ගසා දමන ආකාරය දැක්වෙන ග්‍රැෆික් නිර්මාණ ද ඔවුන් නිකුත් කර ඇති අතර ඒවා ටෙලිග්‍රෑම් තාක්ෂණයෙන් ලොව වටා ප්‍රසිද්ධ කර තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ලබන 14 වෙනිදා රුසියාවේදී ආරම්භවන අතර ජුලි 15වෙනිදා තරඟාවලිය නිමාවීමට නියමිතයි.