Gossips

මත්කුඩු ජාවාරමේ යෙදුණු 6 දෙනෙකු අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ග්‍රෑන්ඞ්පාස් – සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
එහිදී සැකකරුවන් සතුව තිබී මත්කුඩු සහ කේරළ ගංජා තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ගිනි අවියක් සහ ජීව උණ්ඩ 6 ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් නාරාහේන්පිට, කිරුළපන, මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.