Gossips

කෝපායිහි කෝවිලක් කඩා දේව ප්‍රතිමා දෙකක් පැහැර ගත් සැකකරුවෙකු අත්අඩංගුවට

කෝපායි – උරුම්බිරායි සෙවර් විද්‍යාල භූමියේ පිහිටි කෝවිල කඩා එහි තිබූ පෞරාණික දේව ප්‍රතිමා දෙකක් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වසර 100 ක් පමණ පැරණි මෙම දේව ප්‍රතිමා රුපියල් ලක්ෂ 2 ක් පමණ වටිනා බව සඳහන්.
කෝවිල පිහිටි පාසලේ විදුහල්පතිවරයා කෝපායි පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු උරුම්බිරායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද (18) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.