Gossips

පුද්ගලයෙකුට දිවි අහිමි කළ බත්තරමුල්ලේ මාරාන්තික අනතුර

බත්තරමුල්ල මංසන්දියේ දී ඊයේ (06) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ පුද්ගලයෙක් බවයි තලංගම පොලිසිය පැවසුවේ.
මාර්ගය හරහා මාරුවන පුද්ගලයා මාර්ගයේ පැමිණෙන මෝටර් රථයක ගැටෙන අතර අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු එම ස්ථානයෙන් පලා යනවා.
අනතුරට පත් පුද්ගලයා තුවාල ලබා මාර්ගයේ වැටී සිටින අවස්ථාවේ පැමිණෙන ජීප් රථයක් නැවතත් ඔහුව යටකරගෙන යනවා.
මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් තහවුරුකර ගැනීමට නොහැකි වූ බවයි තලංගම පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.
අනතුර සිදුකළ මෝටර් රථය සහ එහි රියදුරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.