අධික වැසි සහිත කාලගුණයත් සමඟ කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් පවතිනවා.
පොලිස් හදිසි ඇමතුම් අංශය සහ නාගරික රථ වාහන කොට්ඨාශය සඳහන් කළේ බොහෝ මාර්ග දෙපස ජලය පිරී පැවතීම හේතුවෙන් වාහන ගමනාගමනය ඉතා සෙමින් සිදුවන බවයි.
කෙසේ වෙතත්, තවත් පැයක පමණ කාලයකින් පසු රථ වාහන තදබදයේ අඩුවීමක් අපේක්ෂා කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.