Gossips

ක්‍රිකට් පුරාවෘත්තයේ අඛන්ඩව සිදුවූ දේ හදිසියේ නතරවෙයි ?

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 1877 වසරේදී එංගලන්ත-ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ආරම්භ වූ ටෙස්ට් පුරාවෘත්තයේ අඛන්ඩව භාවිත වූ කාසියක් උඩදමා පළමුවෙන් පන්දුවට පහරදෙන කණ්ඩායම තීරණය කිරීමේ සම්ප්‍රදාය අත්හැරීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ සත්කාරක කණ්ඩායම විසින් තම පිලට වාසිදායක ලෙස තණතිල්ල සහ ක්‍රීඩාංගනය සැකසීම නිසා, ආගන්තුක පිලට අවාසියක් සිදුවීම හේතුවෙන්.
මේ නිසා 2019 වසරේ අළු බඳුන තරඟාවලියේ සිට කාසියේ වාසිය උරගා බැලීමේ සම්ප්‍රදාය ඉවත් කිරීමටයි යෝජනා වී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් අයි.සී.සී. ක්‍රිකට් කමිටුව ලබන මැයි 28 වනදාට පෙර තීරණයකට එළඹෙනු ඇති.
එම කමිටුවට ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රවීනයන් සමඟ මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරු මහේල ජයවර්ධන සහ අයි.සී.සී ප්‍රධාන තරඟ තීරක රන්ජන් මඩුගල්ලේ ද ඇතුළත්.