Gossips

පාකිස්ථාන අධිකරණයෙන් හිටපු අගමැති නවාෆ් ශරීෆ්ට ප්‍රශ්ණ පත්‍රයක්

පාකිස්ථානයේ හිටපු අගමැති නවාෆ් ශරීෆ් වෙත එරට වගවීමේ අධිකරණය මගින් ප්‍රශ්න සියයකට වැඩි සංඛ්‍යාවකින් යුත් ප්‍රශ්න පත්‍රයක් යොමු කර තිබෙනවා.
ඒ ඔහුගේ දියණිය සහ බෑණාට අයත් ලන්ඩනයේ සුපිරි නිවහනක් ඇතුළු දේපල සම්බන්ධයෙන්.
නවාස් ශරීෆ්ගේ පවුලේ සාමාජිකයන් වෙත පාකිස්ථාන වගවීමේ අධිකරණයේ දූෂණ චෝදනා 3 ක් ගොනුකර තිබෙනවා.
පාකිස්ථාන ජාතික වගවීමේ කාර්යාංශය මෙම නඩු ගොනුකළේ පැනමා ලියවිලි සම්බන්ධයෙන් වූ එරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුවයි.