Gossips

අද රාත්‍රියේ පළාත් රැසකට තද වැසි – දිස්ත්‍රික්ක 10 ක නායයාම් හදුනා ගැනේ

දිවයිනේ පළාත් රැසකට අද රාත්‍රී කාලයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, අඛන්ඩ වැසි පැවතුණහොත් මල්වතුඔය, කලාඔය, මීඔය, මහඔය සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.
දැනටමත්, දැදුරු ඔයේ ජල මට්ටම වැඩිවීම නිසා වාන්දොරටු 6 ක් අඩිය බැගින් විවෘත කර තිබෙනවා.
එම නිසා හලාවත, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රදේශවල පහත් බිම් වල වෙසෙන ජනතාව ඒ පිළිබදව අවධානයෙන් සිටිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
දිවයිනට බලපා ඇති කාලගුණ තත්ත්වය පිළිබදව දැනුම්වත් කිරීම සදහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද විශේෂ මාධ්‍ය හමුවක් ද කැදවා තිබුණා.
එහිදී අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන කියා සිටියේ දිස්ත්‍රික්ක 10 ක නායයාමේ අවදානම් සහිත ස්ථාන හදුනාගෙන ඇති බවයි.