Gossips

මුහුදෙන් ඇල්ලූ කෝටි 02 ක රත්රන් (ඡායාරූප)

මුහුදු මාර්ගය ඔස්සේ රත්රන් කිලෝග්‍රෑම් 3 යි දශම 7 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු කන්කසන්තුරේ මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් අනුව ඊයේ (06) පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී සොයා ගත් රත්රන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 කට ආසන්න බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
ඔවුන් මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඩිංගි යාත්‍රාව තුළ මෙම රත්රන් තොගය සූක්ෂම ලෙස අසුරා තිබූ බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඡායාරූප – වව්නියාව, රොමේෂ් මධුසංක, මාධව කුලසූරිය