පොල්අතුමෝදර පාලම විවෘත කිරීමේ අවස්ථාවේදී ඇති වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ 12 දෙනා ඇප මත මුදා හරින ලෙස මාතර මහේස්ත්රාත් සංජීවනී පතිරණ අද නියෝග කළා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ඇතුලූ මන්ත්රීවරුන් 12 දෙනෙකු පිරිස අතර සිටිනවා.
පසුගිය 11 වනදා වැලිගම – පොල්අතුමෝදර නව පාලම රජය මගින් විවෘත කිරීමට පෙර පොලිස් රාජකාරියට බාධා කරමින් එය විවෘත කිරීමට තැත් කිරීම පිළිබදව ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.
එදින මන්ත්රීවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර සභාපතිවරයා ඇතුළු 10 දෙනෙකු ඊයේ පොලිසියට භාරවීමෙන් අනතුරුවයි අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.