Gossips

කරාපිටියට සහ මාතරට හයිෆො ඔක්සිජන් යන්ත්‍ර

දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගයට ගොදුරු වන දරුවන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා හයිෆො ඔක්සිජන් යන්ත්‍ර ගාල්ල – කරාපිටිය සහ මාතර මහරෝහලට කඩිනමින් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එමගින් වැඩි වේගයකින් සහ පීඩනයකින් ඔක්සිජන් ලබාදීමට හැකිවන අතර, හැකිලී ඇති පෙනහළු යළි විවර කර ගත හැකි බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.
දකුණු පළාත තුළ පැතිර යන වෛරස් රෝගය නිව්මෝනියා තත්ත්වයක් බවටයි දැනට හඳුනාගෙන ඇත්තේ.