Gossips

දහසයේ කණ්ඩායමට එරෙහිවීමේ තීරණයක

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ දහසයේ කණ්ඩායම ඉදිරිපත් කර ඇති යෝජනාවට මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු සූදානම් වනවා.
නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අඛන්ඩව ජාතික ආණ්ඩුවේ රැඳී සිටීමේ යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන අතර, ඒ වෙනුවෙන් බහුතරයක් පෙනී සිටින බවද ඔහු කියා සිටියා.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් පමණක් පක්ෂ සභාපති ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි 7 ට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ අවධානය යොමුවන බවයි එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සහ පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි අමාත්‍ය ධුරවලින් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේ.