Gossips

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනට ආසන්න පහළ වායුගොලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කල හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව යන පළාත්වලට ද මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6ක් අඩිය බැගින් විවෘත කර තිබෙනවා.
ඒ හේතුවෙන් හලාවත – ආරච්චිකට්ටුව සහ පල්ලම යන ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය දැනුම් දුන්නේ.
එමෙන්ම අත්තනගලූ ඔය, මල්වතු ඔය, කලාඔය, මී ඔය, දැදුරු ඔය, ලූණුඔය සහ මහ ඔයට අයත් ඇළ මාර්ගවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේ.