රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට සහ එහි ප්රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ඉල්ලා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද (07) ලිඛිතව ඇප අයදුම්පතක් ගොනු කර තිබෙනවා.
කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න නියෝග කළේ මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය මේ මස 16 වනදා ලබාදෙන බවයි.
එමෙන්ම, මහේස්ත්රාත්වරිය නීතිපතිවරයාට නියෝග කළේ විත්තියේ ඇප ඉල්ලීම පිළිබඳව ලිඛිත දේශණ ලබන සිකුරාදාට පෙර ගොනු කරන ලෙසටයි.
පසුගිය 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනු අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන පෙරේදා කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙස එහිදී ඉල්ලීමක් කරනු ලැබුවා.
මහේස්ත්රාත්වරිය කියා සිටියේ එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටයි.
ඒ අනුවයි ඔවුන්ගේ නීතිඥයන් අද පෙරවරුවේ මෙලෙස ලිඛිතව ඇප ඉල්ලීම සිදු කරනු ලැබුවේ.