Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ග්‍රැහැම් ලබ්රෝයි යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ඉදිරියේදී පත්කෙරෙනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ග්‍රැහැම් ලැබ්රෝයිගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ වසරක සේවා කාලය පසුගියදා අවසන් වූ අතර ඒ අනුවයි නව තේරීම් කමිටුවක් පත් කළ යුතු බවට වාර්තා පළවුයේ.
කෙසේ වෙතත්, ජාතික කණ්ඩායමේ සහ අනෙක් කණ්ඩායම්වල ඉදිරි තරඟ සංචාර සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ කටයුතු හිටපු තේරීම් කමිටුව විසින් පසුගියදා සිදුකර අවසන් කර තිබෙනවා.
ලබන මාසයේ බංග්ලාදේශය සමඟ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගි වන තරඟාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමද මේ වනවිට සිදු කර අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීයෙකු සඳහන් කළේ.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවක්‌ පත්කර එවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ඉකුත් අප්‍රේල් මස ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව සාමාජිකයන් කිහිප දෙනකුගේම නම් යෝජනා වී තිබූ බවටද මීට පෙර වාර්තා පළවූවා.
කෙසේ වෙතත් පත්කරන නව තේරීම් කමිටුව 2019 ලෝක කුසලාන කණ්‌ඩායම නම් කිරීමේ කටයුත්ත ද සිදුකරනු ලබනවා.