Gossips

පාසල් සිසුවෙක් තවත් සිසුවෙකුට පිහියෙන් අනී (ඡායාරූප)

මොණරාගල සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේ එකොලහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු ඊයේ (16)පස්වරුවේ සිදු කල පිහි ඇණුමකින් එම පාසලේ එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බරපතළ තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර නිබෙනවා.
අනතුරුව එම සිසුවා මොණරාගල මහ රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ පහර කෑමට ලක් වූ සිසුවා තවත් සිසුන් කිහිප දෙනෙකු සමග එක්ව පහර දීම සිදු කළ සිසුවාට උසුලු විසුලු සිදු කර ඇති අතර එයින් කම්පනයට සහ කෝපයට පත් සිසුවා මෙම පිහි ඇනුම සිදු කර තිබෙනවා.
පාසල නිමවී නැවත නිවස බලා යමින් සිටින අතර තුර මෙම පහරදීම සිදු වී ඇති අතර පහර කෑ සිසුවාගේ තත්ත්වය බරපතළ බව සදහන්.
පහර දීම සිදු කල සිසුවා සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද( 17) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සියඹලාණ්ඩුව පොලිසිය ඉදිරි පරීක්ෂණ සිදුකරනවා.