Gossips

බස් ගාස්තු තීරණය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට

අවම බස් ගාස්තුව රුපියල් 12 ක් දක්වා ඉහළ දැමෙන සහ සියයට 12.5 කින් බස් ගාස්තුව ඉහළ නැංවෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන අඟහරුවාදා රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
ඒ, ඊයේ පස්වරුවේ බස් ගාස්තුව සම්බන්ධයෙන් සංගම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ සියයට 6.56 ක ගාස්තු සංශෝධනයට විරෝධය පළ කරමින් සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වූ අතර, නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ ඇති කරගත් එකඟතාවට අනුව පසුව එය අත්හිටවනු ලැබුවා.