Gossips

එකඟතා මත පෞද්ගලික බස් වර්ජනය නවතී – අවම ගාස්තුව රුපියල් 12 ක්

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වර්ජනය නතර කිරීමට බස් සංගම් තීරණය කළා.
ඒ, මීට පෙර ලබාදුන් 6.56 ක බස් ගාස්තු සංශෝධනය සියයට 12.5 දක්වා ඉහළ දැමීම සහ අවම ගාස්තුව 12 දක්වා වැඩිකිරීමට ඇතිවූ එකඟතාවක් මතයි.
අදාළ සංශෝධන එළඹන අඟහරුවාදා කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට ද එහිදී තීරණය වී තිබෙනවා.
මෙම වර්ජනයට මුහුණදීම සඳහා ලංගම රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මික සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමටද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබුණා.