Gossips

ඉන්ධන මිල සහ බස් ගාස්තු ගැන විවිධ අදහස්

ඉන්ධන සහ බස් ගාස්තු ඉහල නැංවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු සහ උත්සවවලදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.
ඒකාබද්ධ විපක්ෂය කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ කියා සිටියේ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ නැංවීමෙන් ජනතාවට ඇතිවූ බලපෑම සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවයි.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ නැංවීමට පෙර දිනයේ නියමිත ක්‍රමවේදයට පරිබාහිරව යමින් සංස්ථාවෙන් තෙල් නිකුත් කර ඇති බවයි.
මේ හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවද ඔහු කියා සිටියා.