Gossips

මාර්ග අනතුරුවලින් පසුගිය වසරේ 3100 කට දිවි අහිමි වෙයි

පසුගිය වර්ෂයේ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 3100 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ප්‍රකාශ කළා.
එසේම 4320 දෙනෙකු පමණ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවයි ඔහු සදහන් කළේ.
දිනකට පුද්ගලයින් 8 දෙනෙකු පමණ රිය අනතුරු හේතුවෙන් මියයන බවට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සිදුකළ සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.