Gossips

දෙහිඅත්තකණ්ඩියේ ඇළ මාර්ගයකින් මවකගේ සහ දියණියකගේ සිරුරු හමුවෙයි

දෙහිඅත්තකණ්ඩිය – බිහිරිසොරොව්ව වැවේ සිට ජලය රැගෙන යන ඇළෙහි තිබී දැරියකගේ සහ මවකගේ සිරුරු පොලීසිය අද දහවල් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගිය දැරියගේ වයස අවුරුදු 4 ක් වන අතර, මව 30 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සඳහන් කළේ.
දියේ ගිලීමෙන් මෙම මරණ සිදුවූ බවට පොලීසිය සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.