Gossips

මහනුවර සිද්ධියේ හානියට පත් වූ ව්‍යාපාරික ස්ථානවලට ලබාදෙන ණය මුදල ඉහළට

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය මාර්තු මාසයේ ඇති වූ ගැටුම්කාරි සිද්ධියෙන් හානියට පත් වූ ව්‍යාපාර ස්ථාන නගා සිටුවීම සදහා ලබාදෙන ණය සීමාව රුපියල් මිලියනය දක්වා ඉහළ දමා තිබෙනවා.
මීට පෙර සියයට 2 ක පොලියකට යටත්ව රුපියල් ලක්ෂ 5 ක ණය මුදලක් ලබාදීමටයි රජය පියවර ගෙන තිබුණේ.
කෙසේ වෙතත්, ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය එම මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සදහන් කළා.