Gossips

දැව සංස්ථාවේ හිටපු සභාපති, අනුරුද්ධ පොල්ගම්පොල රිමාන්ඩ්

අත්අඩංගුවට ගැණුනු රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුව එදිනට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි නියෝග කෙරුණේ.
ඊයේ රාත්‍රී බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසේදී මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී බොරලූ පස් සැපයීම සදහා රුපියල් අසූලක්ෂයක මුදලක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මොහුට එරෙහිව වරෙන්තු නිකුත් කළා.