Gossips

රත්‍රං බිස්කට් 22 ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ එක්කෝටි හතලිස් තුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රත්‍රං බිස්කට් 22 ක් සමග පුද්ගලයින් 3 දෙනෙකු රේගුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් දෙදෙනෙකු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරන් වන අතර සිංගප්පූරුවේ සහ චෙන්නායි සිට පැමිණි මොවුන්ගේ ගුද මාර්ගවල සගවා තිබී රත්‍රං බිස්කට් 20 ක් සොයා ගත් බවයි රේගුව සදහන් කළේ.
ඔවුන් සිය ව්‍යාපාරික කටයුතු සඳහා දෙමටගොඩ ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටින බවටයි හෙළිවී ඇත්තේ.
ඔවුන්ගේ ගමන් විලාසය පිළිබඳ ඇතිවූ සැකයක් මත රේගු නිලධාරීන් කළ පරීක්ෂාවේ දී ගුද මාර්ගයේ රත්‍රන් සගවාගෙන සිටින බවට හෙළිවී තිබෙනවා.
එම රත්‍රන්වල බර කිලෝ දෙකක් බව සඳහන්.
මුම්බායි නුවර සිට පැමිණි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි විවාහක පුද්ගලයෙකු සන්තකයේ තිබී අනෙක් රත්‍රං බිස්කට් 2 ක සොයා ගෙන තිබෙනවා.