Gossips

ඉංජිනේරුවන්ගේ අකුරට වැඩ නිසා අදත් තැන තැන විදුලි බිද වැටීම්

විදුලි ඉංජිනේරුවරුන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් සිදුව තිබෙනවා.
අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මෙන්ම, කළුබෝවිල ප්‍රදේශයට ද අද (16) උදෑසන විදුලි සැපයුම බිඳ වැටුණු බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
දිගුකාලීන විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ පසුගිය 09 වනදායි.
කෙසේ වෙතත්, තම ඉල්ලීම්වලට බලධාරින් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක දියත් කරන බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු සඳහන් කළා.