Gossips

කළුතර ප්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 8 සිට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, උතුරු කළුතර සහ දකුණු කළුතර , බේරුවල, අලූත්ගම, දර්ගා නගරය, කටුකුරුන්ද, නාගොඩ, පයාගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව, මග්ගොන, පිලමිනාවත්ත, කළුවාමෝදර, බෝම්බුවල සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.