Gossips

වැවේ ඉවුරේ අවසන් ගමන් ගිය පියපුතු දෙපළ (ඡායාරූප)

වවුනියාව, පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැවේ ඉවුරේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (16) උදෑසන සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ වවුනියාව, සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකුගේ සහ ඔහුගේ අවුරුදු 15ක පුත්‍රයාගේ සිරුරු මෙලෙස සොයාගත් බවයි.
සතුන් මැරීමට වැව් සීමාවේ ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණයන් සිදුව ඇති බවට පොලිසිය සැකපළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව, පෙරියඋළුක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඡායාරූප – වවුනියාව මාධව කුලසූරිය