Gossips

යාපනය හරිත නගරයක් කිරීමට සැලසුම් (ඡායාරූප)

යාපනය නගරය හරිත නගරයක් බවට පත් කිරීමට නව සැලැස්මක් සකස්කර තිබෙනවා.
ඒ අනුව ලබන ජුනි මස 5 වනදා යාපනය නගරය අවට රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පියවර ගෙන ඇත්තේ.
ඊට සියලු රාජ්‍ය ආයතනවල සහය ලබාදීමට නියමිතයි.
මෙහිදී ප්‍රදේශය පුරා පැල 3000 ක් පමණ සිටුවීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.
සිටුවීමට තෝරාගෙන ඇති පැල උතුරු පළාතේ කාලගුණයට, පරිසරයට, පසට මෙන්ම ජලයට ඔරොත්තු දෙන ආකාරයේ ඒවා වන අතර රෝපණයෙන් පසු යාපනය මහ නගර සභාව විසින් ඒවා නඩත්තු කරනු ඇති.