Gossips

මාළිගාවත්තේ අවුරුදු දෙකක දරුවෙකු මියගිය රහස හෙළිවේ

පහරදීම්වලින් පසු මියගිය අවුරුදු දෙකක දරුවෙකුගේ අවසන් කටයුතු කරුණු සඟවා සිදුකිරීමට යාමේ උත්සාහයක් වළක්වා මරණය පිළිබඳ අභිරහස විසඳා ගැනීමට පොලීසිය අද සමත්වුණා.
මෙම සිද්ධිය වාර්තාවුණේ මාළිගාවත්ත හිජ්රා මාවතේ නිවසකින්.
රුධිරගත සීනි මට්ටම වැඩිවීම නිසා දරුවා මියගිය බව පවසමින් අවසන් කටයුතු සිදුකිරීමට දෙමව්පියන් උත්සහ දරා ඇති අතර, පොලීසියට ලද තොරතුරක් මත දරුවාගේ පාදයේ තිබූ තුවාලයක් පිළිබඳ සැක සිතී එය ඊයේ වළක්වනු ලැබුවා.
පසුව අධිකරණ නියෝග මත අද සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබුණේ මොට බලයක් යොදා සිදුකළ පහරදීමකින් ඇතිවූ බහුවිධ තුවාල හේතුවෙන් දෙහැවිරිදි දරුවා මියගොස් ඇති බවයි.
අවස්ථා කිහිපයකදී දරුවාට මෙලෙස පහරදී ඇති බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂකවරිය තීන්දු කළා.
මේ අතර සුහද රග්බි තරගාවලියකට පැමිණ හදිසියේ අසනීප වී රෝහල් ගතකර සිටි අනෙක් 27 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු සමඟ රෝහලට ඇතුළත් කළ 26 හැවිරිදි තවත් රග්බි ක්‍රීඩකයෙකු පෙරේදා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබුණා.
මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ ඔවුන් අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවයි.