Gossips

Update : බස් වර්ජනයට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයත් එක්වේ

ඉල්ලුම් කළ බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද පවසනවා.
අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබාදුන් සියයට 6.56 ක බස් ගාස්තු ඉහළ නැංවීම ප්‍රමාණවත් නොවන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එමෙන්ම මෙම කරුණම මුල් කරගනිමින් අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් දියත් කරන බව ප්‍රකාශ කළා.
Update : Tuesday, May 15, 2018 , 14.18
—————————————————
හෙට (16) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව අන්තර්පලාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
අපේක්ෂා කළ අන්දමින් බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි එම සංගමය පෙන්වාදෙන්නේ.
මීට පෙර ඔවුන් සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් බස් ගාස්තු සංශෝදනය විය යුතු බවයි පෙන්වා දී තිබුනේ.
කෙසේ වෙතත් අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ 6.56 කින් බස් ගාස්තුව හෙට සිට සංශෝධනය කිරීමටයි.
කැබිනට් හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මේ බව ප්‍රකාශ කළා.
මේ අතර අදාළ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැතිවීම විශේෂත්වයක්.