Gossips

දෙහැවිරිදි දරුවෙකුගේ මරණයක් ගැන පොලිස් පරීක්ෂණ

සැකකටයුතු අන්දමින් මියගිය කුඩා පිරිමි දරුවෙකුගේ අවසන් කටයුතු මරණ පරීක්ෂණයකින් තොරව සිදුකිරීමට දෙමාපියන් උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මාළිගාවත්ත – හිජ්රා මාවතේ නිවසක සිටි දෙහැවිරිදි දරුවෙකුගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ මෙලෙස සිදුකිරීමට උත්සාහ කර තිබුණා.
ඒ, රුධිරගත සීනි මට්ටම වැඩිවී දරුවා මියගිය බව ප්‍රකාශ කරමින්.
කෙසේ වෙතත් මාළිගාවත්ත පොලීසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂාවකදී අදාළ දරුවාගේ වම් පාදයේ පිළිස්සුම් තුවාලයක්ද පවතින බව සොයාගෙන තිබෙනවා.
ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු දරුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇති අතර, එය අද සිදු කෙරෙන බව පොලීසිය ප්‍රකාශ කළා.